- Intersect Tool.
Monday, June 3, 2024
Sunday, May 12, 2024
Saturday, May 11, 2024
Tuesday, April 30, 2024
Arc GIS, Geoprocessing Tools, Clip Tool
Geoprocessing Tools
Arc GIS හි Geoprocessing Tools වශයෙන්,
- Clip
- Buffer
- Intersect
- Union
- Merge
- Dissolve
- Symmetrical Difference පෙන්වා දිය හැකිය.
- Clip Tool
(Buffer Tool👉👉)
Tuesday, March 26, 2024
අවකාශීය දත්ත පරිගණක ගත කරන ආකාරය (Capturing spatial Data)
අවකාශීය දත්ත පරිගණක ගත කරන ආකාරය (Capturing spatial Data)
සිතියමක් තුළ අඩංගු රුපමිතීන් ඒ ආශ්‍රිත අනෙකුත් තොරතුරු පරිගණක ගත කිරීම මෙයින් අදහස් කෙරේ. මෙය සිතියම් අංකනය(Digitizing) කිරීම ලෙස හැඳින්වේ. මෙම රූප මිතීන් ලක්ෂයක්, රේඛාවක් හෝ බහුඅස්‍රයක් විය හැකිය. භූමියේ අඩංගු සෑම රූප මිතියකම X හා Y ඛණ්ඩාංක ගත කිරීමේ ක්‍රියාවලිය අංකනය(Digitizing) කිරීම යනුවෙන් අදහස් කෙරේ. අවකාශීය දත්ත අංකනය කළ හැකි ප්‍රධාන ක්‍රම කිහිපයක් පවතී.
References
දෙපාර්තමේන්තුව, අ. ප. (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස .
Saturday, March 23, 2024
Arc map මගින් ශ්‍රී ලංකාවෙහි පළාත් සිතියම නිර්මාණය කරන ආකාරය.
Arc map මගින් ශ්‍රී ලංකාවෙහි පළාත් සිතියම නිර්මාණය කරන ආකාරය.
Arc Map හිදී Toolbars ලබා ගන්නා අකාරය.
මෙය ආකාර
දෙකකට සිදු කල හැකිය.
1.
1. Main menu → Customize → Toolbars (අවශ්‍ය Toolbar එක select
කරන්න.)
2. Main menu right click (අවශ්‍ය Toolbar එක select කරන්න.)
Sunday, March 17, 2024
භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු දෘඩාංග(Hardware),මෘදුකාංග( Software), මානව සම්පත්(Human Resources) සහ ක්‍රමවේද(Method)
භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු දෘඩාංග(Hardware)
මෙම දෘඩාංග ප්‍රධාන අංශ හතරකට වර්ග කළ හැකිය.
- පරිගණක (Computers) ,
- ආදාන උපාංග (Input Device) ,
- ප්‍රතිදාන උපාංග (Output Device),
- ගබඩා උපාංග (Storage Device).
සුපිරික්සන විවිධ ප්‍රමාණයෙන් හා විවිධ වර්ගයෙන් සමන්විත වේ. ප්‍රමාණය අනුව A0 සිට A4 දක්වා පරාසයක වෙනස් වන අතර පැතිලි සුපරීක්සන මෙන්ම බෙර හැඩැති සුපරික්සනද භාවිත කෙරේ. සිතියමක පවත්නා තොරතුරු සුපරීක්සනය ආධාරයෙන් අනුරූපයක් බවට පත්කිරීමට හැකිවන අතර එය අවශ්‍යතාව අනුව JPEG, TIFF වැනි විවිධාකාර ආකෘතීන් යටතේ පරිගණකෙයහි ගබඩා කල හැකිය. අවශ්‍ය ආකාරයටඅනුරූපයෙහි විච්ඡේදනය පාලනය කිරීමේ හැකියාව පරිශීලකයා සතු වේ.
- ක්‍රියාත්මක කරවන්නන්,
- තාක්ෂණික වෘත්තකයාන්,
- කළමනාකරන සේවක මණ්ඩලය
Saturday, March 16, 2024
භූගෝලීය තොරතුරු පද්ධතීන්හි අඩංගු අවකාශීය දත්ත ආකෘති( Data Formats)
භූගෝලීය තොරතුරු පද්ධතීන්හි අඩංගු අවකාශීය දත්ත ආකෘති( Data Formats)
- දෛශික දත්ත (Vector Data) ආකෘතිය.
- සිවුරැස් දත්ත(Raster Data) ආකෘතිය.
- දෛශික දත්ත ආකෘතිය
- සිවිරැස් දත්ත ආකෘතිය.
වාසි |
අවාසි |
|
|
|
|
|
|
|
|
Tuesday, February 13, 2024
භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත සංරචක (C) Blue World GIS
භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත සංරචක (Components Of GIS)
භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු ප්‍රධාන සංරචක පහක් හඳුනා ගැනීමට පුළුවන්.
1. දත්ත (Data)2. දෘඩාංග ( Hardware)
3.
මෘදුකාංග ( Software)
4. මානව සම්පත් (Users)
5. ක්‍රමවේද ( Methods)
දත්ත යනු සංකේත වේ. සංඛ්‍යාන විද්‍යාවේ දත්ත විවිධාකාර ලෙස වර්ග කරනු ලැබුවද, භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන්. එනම්, ක්ෂේත්‍රීය දත්ත හා ක්ෂේත්‍රීය නොවන දත්ත වශයෙනි.
ක්ෂේත්‍රීය දත්ත යනු පිහිටීමක් ප්‍රකාශ කරන්නා වූ දත්තය. ක්ෂේත්‍රීය නොවන දත්ත යනු කිසියම් දෙයක නෛසර්ගික ලක්ෂණ ප්‍රකාශ කරන්නා වූ දත්තය. නිදසුන් ලෙස කිසියම් ගමක වගා ළිං පහක් පවතින්නේ යැයි සිතමු. එම ළිංවල පිහිටීම පහත සිතියම මගින් දැක්වෙන අතර, එම ළිං වල අදාල ක්ෂේත්‍රීය දත්ත මෙන්ම ක්ෂේත්‍රීය නොවන දත්ත වගුව තුළින් නිරූපණය කෙරේ.
මූලාශ්රය: දෙපාර්තමේන්තුව, අ. ප. (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස .
හදුනාගැනීමෙි අංකය (ID) (1) |
X ඛණ්ඩාංකය (2) |
Y ඛණ්ඩාංකය (3) |
ගැඹුර (m) (4) |
pHඅගය (5) |
ජලය සපයන අක්කර
ගණන (6) |
1 |
79001’ |
6041’ |
15 |
6.5 |
5 |
2 |
80021’ |
7013’ |
17 |
6.3 |
4 |
3 |
81011’ |
7001’ |
14 |
6.7 |
7 |
4 |
79051’ |
6022’ |
15 |
6.5 |
3 |
5 |
80037’ |
6031’ |
17 |
6.1 |
2 |
මූලාශ්‍රය: දෙපාර්තමේන්තුව, අ. ප. (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස .
ඉහත වගුවට අනුව පළමු වන තීරය මගින් නිරූපණය කරනුයේ ළිං හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ලද හඳුනාගැනීමේ අංකයයි. දෙවන සහ තුන්වන තීරවල අඩංගු දත්ත හා අනෙකුත් තීරවල අඩංගු දත්ත අතර පැහැදිලි වෙනස්කමක් හඳුනාගත හැකිය.
ළිඳේ ගැඹුර, PH අගය, ජලය සපයන අක්කර ගණන, වැනි විචල්‍ය මගින් එක් එක් ළිඳක් පිළිබඳව නෛසර්ගික ගුණාංග ප්‍රකාශ කෙරේ. එම දත්ත අවකාශීීය නොවන දත්ත වශයෙන් නිර්වචනය කළ හැකිය. දෙවන හා තෙවන තීර දෙක මගින් ළිඳක පිහිටීම හා සම්බන්ධ අවකාශීය දත්ත දැක්වේ. ඒ අනුව පළමු වන ළිඳෙහි පිහිටීම අදාල දේශාංශ වටිනාකම 79001’ වන අතර අක්ෂාංශ වටිනාකම 6041’ කි. මෙලෙස සෑම ළිඳකම පිහිටීම එයට අදාළ දේශාංශ වටිනාකම හා අක්ෂාංශ වටිනාකම් මගින් දැක්විය හැකිය.
ඛණ්ඩාංක වටිනාකම් ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ හඳුනාගත හැකිය. එනම්,
- ගෝලීය ඛණ්ඩාංක. (Global Coordinate)
- ජාතික ඛණ්ඩාංක. (National Coordinate)
ගෝලීය ඛණ්ඩාංක මගින් ග්‍රිනිච් රේඛාව හා නිරක්ෂය පදනම් රේඛා වශයෙන් සලකා පෘථිවියෙහි ඕනෑම ස්ථානයක පිහිටීම ප්‍රකාශ කෙරේ. ලෝක භූමිතික පද්ධතිය (WGS84- World Geodetic System) ගෝලීය ඛණ්ඩාංක සඳහා හොඳම නිදසුනකි. ඇතැම් රටවල් තම රට තුළ සිතියම්කරණය සඳහා එම රටට සීමාවූ ඛණ්ඩාංක පද්ධති හඳුන්වා දී තිබේ. ශ්‍රි ලංකාවෙහි ජාතික කොටු සැලැස්ම ( National Grid)මේ සඳහා නිදසුනක් වේ.
භූගෝලීය තොරතුරු පද්ධතියක විශේෂත්වය වන්නේ,අවකාශීය මෙන්ම අවකාශීය නොවන යන දෙවර්ගයේම දත්ත එකම පද්ධතියක් තුළ ගබඩා කිරීමේ හැකියාවයි. අවකාශීය දත්ත පමණක් තනිව සලකන විට එහි විශේලේෂාත්මක හැකියාව සීමාවේ. අනෙක් අතට අවකාශීය නොවන දත්ත පමණක් ගත් විට ව්‍යාප්තීන් (Distribution) සම්බන්ධ තොරතුරු සපයා ගැනීමේ හැකියාව සීමාකාරී වේ.
භූගෝලීය තොරතුරු පද්ධති මෙතරම්ම ජනප්‍රිය වීමට ඉවහල් වූයේ මෙම දෙයාකාරයන්හි දත්ත ඒකාබද්ධතාවයයි. ඒ අනුව සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රම (Methods Of Statistical Analysis) මෙන්ම අවකාශීය විශ්ලේෂණ (Spatial Analysis) යනාදියට අමතරව මෙම ක්‍රම දෙකෙහිම ඒකාබද්ධතාව මත සිදු කරන භූ සංඛ්‍යාන විශ්ලේෂණ (Geo-statistics) සිදු කිරීමට භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ පවතින විභවතාව, මෙහි ජනප්‍රියතාව හා වැදගත්කම තව දුරටත් වැඩි කිරීම සදහා ඉවහල් වී ඇත.
References
දෙපාර්තමේන්තුව, අ. ප. (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස .