භූගෝලීය තොරතුරු පද්ධතිය
භූගෝලීය තොරතුරු පද්ධතිය යනු Geographic Information Systems යන්නට සංක්‍ෂේපණයකි. Geographic යන වචනයෙන් "G" අක්ෂරයත් Information යන වචනයෙන් "I" අක්ෂරයත් Systems යන වචනයෙන් "S" අක්ෂරයත් එක් වීමෙන් GIS යන්න සකස් වී ඇත.
භූගෝලීය තොරතුරු පද්ධතියක් යනු කුමක්දැයි එකවරටම තේරුම් ගැනීමට අපහසු වන හෙයින් විවිධ විද්‍යාඥයින් හා ආයතන විසින් භූගෝලීය තොරතුරු පද්ධතිය සඳහා ඉදිරිපත් කරන ලද නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමේදී, එහි ක්‍රියාවලි, ක්‍රියා, දිශානුගත සහ ආයතන යන මාන මත ගොඩනැගුණු නිර්වචන, ප්‍රායෝගික භාවිතය හා සම්බන්ධ නිර්වචන, GIS තුළ අඩංගු මෙවලම් කට්ටල මත පදනම්ව ගොඩනැගුණු නිර්වචන, දත්ත පද්ධති පාදක කොටගෙන ගොඩනැගුණු නිර්වචන අපට මෙහිදී දැකගත හැකිවේ.
ඉහත දැක්වෙන එක් එක් මානයන්ට අදාළ නිර්වචන සඳහා නිදසුන්
කිහිපයක් පහත දැක්වේ.
- ක්‍රියාවලී, ක්‍රියා,දිශානුගත සහ ආයතන යන මානවලින් ගොඩනැගුණු නිර්වචන
මෙම නිර්වචන මගින් දත්ත සහ තොරතුරු ගබඩා කිරීම (storage) ,සමුද්ධරණය (Retrieval),
විධාන ලබාදීම
(මෙහෙයවීම) (Manipulation), ප්‍රදර්ශනය
කිරීම (Display)වැනි භූගෝලීය තොරතුරු පද්ධතිය සතු ක්‍රියාකාරී
අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම කාණ්ඩයට අයත් එක් නිර්වචනයක් නිදසුන්
ලෙස පහත දැක්වේ.
ESRI-
Canada ආයතනය විසින්
ඉදිරිපත් කරන ලද නිර්වචනය
"GIS යනු Geographic Information System යන්නෙහි G,I සහ S යන මුලඅකුරු එක්වීමෙන් සෑදුණු කෙටි යෙදුමකි. එසේම භූගෝලීය තොරතුරු පද්ධතිය පිහිටීම පිළිබඳ දත්ත සහ තොරතුරු ගබඩා කිරීම නැවත ලබා ගැනීම මෙහෙයවීම සඳහා විධිවිධාන ලබාදීම සහ ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා දෘඪාංග, මෘදුකාංග, දත්ත සහ මෙහෙයවීම යන මූලික ඒකක හතරකින් සමන්විතව සැලසුම් කළ සංයෝගයකි."
( http://K12.estrica ada.com/definition.html-ESRICanada 2005).
- ප්‍රායෝගික භාවිතය හා සම්බන්ධ නිර්වචන
ඒ අනුව ප්‍රායෝගික
භාවිතය හා සම්බන්ධ නිර්වචන දෙස අවධානය යොමු කිරීමේ දී, ප්‍රායෝගික වටපිටාව තුළ අවශ්‍යතා සහ ගැටලු නිරාකරණය කර
ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති ක්‍රියාවෙහි යොදා ගන්නා ආකාරය පදනම් කරගෙන මෙම
නිර්වචන බිහිවී ඇත. නිදසුන් ලෙස පාංශු පිළිබඳ දත්ත,
භූ විෂමතාව
පිළිබඳ දත්ත ආදිය යොදා ගනිමින් සැලසුම් සකස් කිරීම සඳහා තොරතුරු සම්පාදනය කිරීම
වැනි ප්‍රායෝගික යෙදවීම් කෙරෙහි බලපා තිබේ. මේ අනුව,
“භූගෝලීය
තොරතුරු පද්ධතියක් යනු භූගෝල විද්‍යාත්මක දත්ත නැතිනම් ක්ෂේත්‍රීය සම්බන්ධතාවයක්
සහිත දත්ත කාර්යක්ෂමව ග්‍රහණය කිරීම,
ගබඩා කිරීම, යාවත්කාලීන කිරීම,
සකස් කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම යන ක්‍රියාකාරීත්වයන්ගෙන්
යුතු පරිගණක මෘදුකාංග හා පරිගණක දෘඩාංග වලින් සමන්විත සංවිධානාත්මක එකතුවකි.” (Understanding GIS, ESRI).
ඉහත නිර්වචනය විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ, භූගෝලීය තොරතුරු පද්ධතියක් යනු දත්ත ලබා දුන් විට
භූගෝලීය වශයෙන් වැදගත් වන තොරතුරු ප්‍රතිදානය කරනු ලබන පරිගණක තොරතුරු පද්ධතියක්
බවත් වෙනත් දත්ත පද්ධති සමඟ සැසඳීමේ දී මෙහි පවතින මූලිකම ලක්ෂණය නම් අවකාශය දත්ත
අන්තර්ග්‍රහණය හා විශ්ලේෂණය කිරීමට මේ තුළ පවත්නා වූ සුවිශේෂී හැකියාවයි. ඒ අනුව
භූගෝලීය තොරතුරු පද්ධතියක් යනු අවකාශය දත්ත මෙන්ම අවකාශයේ නොවන දත්ත දෙවර්ගයෙන්ම
සමන්විත ඉතාමත් ශක්තිමත් දත්ත පද්ධතියකි.
වෙනත් ඕනෑම දත්ත පද්ධතියක් තුළ මෙන්ම භූගෝලීය තොරතුරු
පද්ධතිය තුළද ප්‍රධාන ක්‍ර්‍රිියාකාරීත්වයන් අටක් හඳුනා ගැනීමට පුළුවන.එනම්,
01.දත්ත ග්‍රහණය (Data capturing)
02.
දත්ත ගබඩා
කිරීම ( Data Storing)
03.දත්ත සමුද්ධරණය
(Data Retrieving)
04.දත්ත
යාවත්කාලීන කිරීම (Data Uploading)
05.දත්ත සකස් කිරීම
( Data Manipulating)
06.දත්ත පරිණාමනය(
Data Transforming)
07.දත්ත
විශ්ලේෂණය(Data Analysis)
08.දත්ත ප්‍රදර්ශනය( Data Display)
දෙපාර්තමේන්තුව, අ. ප. (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස .
wow
ReplyDeleteGreat ❤️
ReplyDelete👊👊👊
ReplyDeleteGreat work ❤😊🤗
ReplyDeleteUseful ❤️❤️
ReplyDelete❤️❤️
ReplyDeleteVery clear and great work ❤️
ReplyDelete🎗🥇
ReplyDelete❤❤
ReplyDelete👍👍👍
ReplyDelete❤️
ReplyDelete